වරාය ගැන වෘත්තීය සමිතිවල අදහස් විමසයි – ව්‍යාපාරික උපාය මාර්ගයක් පමණක් බවට වෙළඳ ඇමතිගෙන් ප්‍රකාශයක්

7

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය බදු දීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් වරාය වෘත්තීය සමිතිවල යෝජනා අද සිට භාර ගන්නා බව ඒ සඳහා කරුණු සොයා බැලීමට පත්කළ අමාත්‍ය මණ්ඩල කමිටුව පවසනවා.

 

එහි ප්‍රධානී වරාය අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී ජයලාල් මහතා සඳහන් කළේ, අදාල යෝජනා කමිටුව මගින් පුළුල් ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලයට ලබදීම සඳහා සකස් කරන වාර්තාවට ඇතුළත් කරන බවයි.

නැගෙනහිර පර්යන්තය සමබන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කොට සම්මුතියකට එළැඹීම සඳහා පසුගියදා අමාත්‍ය මණ්ඩලය 07 දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුව පත් කළා.

මේ අතර වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින් සහ කැබිනට් අනු කමිටුවේ නියෝජීතයින් අතර සාකච්ඡාවක් අද පැවැත් වුණා.

සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක්වූ වෘත්තිය සමිති නියෝජිතයින් පැවසුවේ සිය යෝජනා එලඹෙණන සිකුරාදා දින ලබා දෙන බවයි.

Your Comments