වරායේ වර්ජනයෙන් දෛනික කටයුතුවලට බාධා

29

කොළඹ වරායේ බහාලු‍ම් රථ රියදුරන් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දෛනික කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

ඔරුගොඩවත්ත බහාලු‍ම් අංගනයේ සිදුකෙරෙන රේගු පරීක්ෂණවල පවතින ගැටලු‍කාරී තත්වයන්ට විරෝධය පළ කිරීම සදහායි ඔවුන් ඊයේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළේ.

මේ සම්බන්ධයෙන් රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතාගෙන් සිත නිව්ස් 24 විමසීමක් කලා.

ජාවාරම්කරුවන් සිදුකරන වංචනික ක්‍රියා බහුල වීම හේතුවෙන් බහාලු‍ම් පරීක්ෂා කිරීමේ අවස්ථා වැඩි කර ඇති බවයි ඔහු කියා සිටියේ.

Your Comments