වතු නිවාස පෙළක ගින්නකින් නිවාස 9ක් මුළුමනින්ම දැවෙයි
රංජිත් රාජපක්ෂ - හැටන්

38

තලවකැලේ පොලිස් වසමට අයත් සෙන්ක්ලොයාර් වතු යායේ ස්ටෙලින් කොටසේ වතු නිවාස පේලියක අද (19) පස්වරුවේ හටගත් ගින්නකින් වතු නිවාස 9 ක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව තලවකැලේ පොලිසිය පවසනවා.

වතු නිවාස 24 කින් සමන්විත වතු නිවාස පේලියේ නිවාස 9ක් ගිනිගෙන විනාශ වි ඇති බවත්, සෙසු නිවාසවලට පැතිර ගිය ගින්න වතු කම්කරුවන් සහ තලවකැලේ පොලිසියේ නිලධාරින් එක් ව පාලනය කර ඇති බවත් පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර ගින්නෙන් එම නිවාස 9 පදිංචි වතු කම්කරුවන්ට අයත් පෞද්ගලික භාණ්ඩ සම්පුර්ණයෙන්ම ගනිගෙන විනාශ වී ඇති බවයි පොලිසිය පැවසුවේ.
එක් නිවසකින් හටගත් ගින්න සෙසු නිවාසවලට පැතිර ගිය බවත්, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති බවත්, පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

ගින්නෙන් අවතැන් වු පවුල් 9 කට අයත් සමාජිකයන් 25 දෙනෙකු තාවකාලිකව එම වතුයායේ පාසලේ නතර කර ඇති අතර ඔවුන්ට අවශ්‍යය පහසුකම් සැලසීමට වතු පාලන අධිකාරය කටයුතු කර ඇති බවයි නිව්ස්24 වාර්තාකරු කියා සිටියේ.

ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර ගින්න පිලිබදව තලවකැලේ පොලිසිය පරික්ෂණ සිදු කරනු ලබනවා.

Your Comments