ලෝ ලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්

59

LAW LEVEL

කොළඹ – අවිස්සාවේල්ල ලෝ ලෙවල් මාර්ගයේ කොටිකාවත්ත මංසන්ධියේදී අද විරෝධතාවක් පැවැත්වුණා.

2016 වසරේ හටගත් ජල ගැල්මෙන් ආපදාවට ලක්වූවන්ට වන්දි ලබාදී නොමැති බවට චෝදනා කරමින් එම විරෝධතාව පැවති බව සඳහන්.

විරෝධතාව හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ද හටගෙන තිබූ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ වනවිට මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්ව ඇති බව NEWS24 වාර්තාකරු පැවසුවා.

Your Comments