ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පළමු එන්නත් තොගය කටුනායකට

8

කොවැක්ස් පහසුකම යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් අරමුදල විසින් මෙරටට පිරිනමන පළමු එන්නත් තොගය අද අලුයම මෙරටට රැගෙන එනු ලැබුවා.

 

එන්නත් මාත්‍රා දෙක්ෂ 64 දහසක් මෙලෙස මෙරටට රැගෙන එනු ලැබු අතර එය භාර ගනු ලැබුවේ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින්.

ඉන්දියාවේ මුම්බායි සිට ඖෂධ තොගය ඩුබායි වෙත රැගෙන ගොස් යළි කටුනායක ගුවන් තොටුපල වෙත රැගෙන විත් තිබෙනවා.

ඉන්දියාවේ සීරම් ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ නිපදවා ඇති මෙම එන්නත් තොගය අද සිට වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට ලබා දීමට නියමිතයි.

මේ අතර කොරෝනා මර්ධන එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා අදහස් පල කලා

Your Comments