ලොවටම රතු එළියක්

36

නිසි ක්‍රියාමාර්ග නොගතහොත් ඉදිරි වසර කිහිපය ඇතුළත ගෝලීය උෂ්ණත්වය තවත් සෙල්සියස් අංශක 1.5කින් ඉහළ යනු ඇති බවට අනාවරණ වී තිබෙනවා.

ඒ ජාත්‍යන්තර සංවිධානයක් විසින් කළ අධ්‍යයනයකදී.

ඒ අනුව කඩිනමින් ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීම සඳහා ලොවපුරා රටවල් සූදානම් විය යුතු බවද අධ්‍යයනය මගින් පෙන්වා දී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් සඳහන් කර ඇත්තේ ගෝලීය උෂ්ණත්වය සම්බන්ධයෙන් කර ඇති මෙම අනතුරු ඇගවීම ලෝකයටම පොදු රතු නිවේදනයක් බවයි.

ගෝලීය උෂ්ණත්වය පිළිබඳ ප්‍රංශ සම්මුතියද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අතර ගෝලීය උෂ්ණත්වය ඉහළයාම පාලනය කිරීම සඳහා ලොවපුරා රටවල් ගෙන ඇති පියවර ප්‍රමාණවත් නොවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

Your Comments