ලක්ෂ 4ක රන් භාණ්ඩ සොරකමකට තිදෙනෙක් අත්අඩංගුවට

11

රුපියල් ලක්ෂ හතරකට ආසන්න රන් භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වවුනියාව පොලීසිය සදහන් කලේ කාන්තාවන් දෙදෙනෙකු සහ පුද්ගලයෙකු ඒ අතර වන බවයි.

වවුනියාව නගරයේ වෙළෙඳ සැළකින් රන් භාණ්ඩ සොරාගත් බවට ලද පැමිණිල්ලකට අනුව සීසීටීවි දර්ශන උපයෝගි කර ගනිමින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් වවුනියාව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Your Comments