ලක්ෂ 12ක වටිනා මුදල් සහ රන් භාණ්ඩ සහිත අත්බෑගයක් සොරා ගත් දෙදෙනෙකු අත්අඩංගුවට

8

මුල්ලේරියාව ශාන්තමරියා පටුමග දී ලක්ෂ 12ක වටිනාකමකින් යුත් මුදල් සහ රන් භාණ්ඩ අඩංගු කාන්තා අත්බෑගයක් සොරා ගත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිරිහාන බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයට ලද පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයකදීයි අදාල සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 43 හා 59 යන වයස්වල පසුවන රනාල හා බලංගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
ඔවුන් අලුත්කඬේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Your Comments