ලංගම හෝ පෞද්ගලික බස් රථ අතර පවතින තරගය නතර කිරීමට කාලය එළඹ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
හෙතෙම මේ බව කියා සිටියේ වැලිගම ප්‍රදේශයේ බස් රථ කොන්දොස්තරවරයෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී තවත් බස් රථ හිමිකරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
අම්බලන්ගොඩ බස් නැවතුම්පොළේදී ඇතිවූ ආරාවුලක් හේතුවෙන් මියගොස් ඇත්තේ හක්මන කොන්ගල ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි අයෙකු බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
Your Comments