ලංගම බසයක් වෑන් රථයක ගැටී 24කට තුවාල (PHOTOs)

57

ලංගම බස්රථයක් වෑන් රථයක ගැටීමෙන් 24 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද පෙරවරු 06.00ට පමණ අනතුර සිදුව ඇත්තේ දඹුල්ල හබරණ මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේ දී.

වෑන් රථයේ ගැටුණු බස් රථය පෙරළී තිබෙනවා.

තුවාල ලබා ඇත්තේ මගීන් 22කු සහ බස් රථයේ රියදුරු මෙන්ම වෑන් රථයේ රියදුරුයි.

ඔවුන් දඹුල්ල රෝහලට ඇතුලත් කෙරුණා.

ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වෑන් රථයක හැටී ඇති බවයි සීගිරිය පොලිසිය පැවසුවේ.

Your Comments