රෝහල් පද්ධතියේ අනතුරක් ගැන හෙද සංගමයෙන් නිවේදනයක්

18

මෙරට රෝහල් පද්ධතිය බිද වැටීමේ අනතුරක් නිර්මාණය වී ඇති බවට සමස්ථ ලංකා හෙද සංගමය පෙන්වා දෙනවා.

 

ඒ, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ විශාල පිරිසකට කොරෝනා වෛරසය වැළදිම හේතුවෙන්.
රෝහල් ගණනාවක වාට්ටු හා ඒකක වසා දමන තත්වයක් මේ වනවිටත් නිර්මාණය වී ඇති බවයි ඔවුන් නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා දෙන උපදෙස් ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීම මෙම තත්ත්වයට හේතුව බව ද එම නිවේදනයේ සදහන්.

 

Your Comments