රුසියානු යුද නෞකා තුනක් ත්‍රීකුණාමල වරායට

12

රුසියානු සමූහාණ්ඩුවට අයත් ගාර්ඩ්ස් මිසයිල් කෲසර් වර්ගේ වේරියග් යුද නෞකාව (Guards missile cruiser “Variag”), ප්‍රතිසබ්මැරීන යුද නෞකාවක් වන ”අද්මිරාල් පැන්ටිලීව්” (Large anti-submarine ship Admiral “Panteleeve”) සහ මධ්‍යම ප්‍රමාණයේ සැපයුම් නෞකාවක් වන ”පෙචෙන්ගා” (Medium sea tanker “Pechenga”) යන යුද නෞකා ත්‍රිත්වය ඊයේ(30) ත්‍රිකුණාමලය වරායට සේන්දු ව ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.

නාවික හමුදාව කියා සිටියේ සැපයුම් අවශ්‍යතා සඳහා සහ කාර්ය මණ්ඩල විවේකය සඳහා අදාළ රුසියානු නෞකා ත්‍රිත්වය ත්‍රිකුණාමලය වරායට පැමිණ ඇති බවයි.

එලෙස පැමිණි යුද නෞකාවන් හා සම්බන්ධ කටයුතු පවත්නා කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍ය උපදෙස් සහ ක්‍රමවේදයන්ට අනුව, එම අපේක්ෂිත කාර්යයන් සඳහා පමණක් සීමා කිරීමට කටයුතු සූදානම් කර ඇති බවද නාවික හමුදාව පවසනවා.

එසේම මෙලෙස දිවයිනට සේන්දු වූ යුද නෞකාවන් ත්‍රිත්වය එළඹෙන 03 වැනිදා දින දිවයිනෙන් පිටත්ව යන අවස්ථාවේ ශ්‍රී ලංකා නාවික නෞකා සයුර සමග මෙහෙයුම් අභ්‍යාසයක නිරත වීමටද නියමිත බවයි නාවික හමුදාව පවසන්නේ.

Your Comments