රුපියල් ලක්ෂ 8 ක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

8

රුපියල් ලක්ෂ 8 ක මුදලක් වංචා කළ පුද්ගලයෙකු කොහුවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩොලර් නෝට්ටු ලබාදෙන බව පවසමින් ඔහු මෙලෙස මුදල් වංචා කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

කොහුවල පොලිසියට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව තිබු ඇමරිකානු ඩොලර් 100 යේ ව්‍යාජ නෝට්ටු 50 ක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සදහන්.

සැකකරු තෙඹුවන ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙක්.

ඔහු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Your Comments