රුපියල් මිලියන ගණනක ATM වංචාවක් හෙළිවෙයි

39

ඒ.ටී.එම් යන්ත්‍රවලින් මුදල් වංචා කළ සැකකරුවන් දෙදෙනෙකු මීගමුව, කුරන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීගමුව සහ ජාඇල ප්‍රදේශවල ඒ.ටී.එම් යන්ත්‍රවලින් ඔවුන් රුපියල් මිලියන 8 කට අධික මුදලක් වංචා කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
සැකකරුවන් වංචා කළ රුපියල් ලක්ෂ 28ක මුදලක් පොලිස් භාරයට ගෙන ඇති අතර වංචා කළ මුදල් වලින් ලබා ගත් යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් මීගමුව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි වියේ පසුවන්නන්.
ඔවුන් අද දින මීගමුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Your Comments