රුපියල් එක් කෝටි 26 ලක්ෂ හතලිස්තුන් දහසක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

6

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන රුපියල් එක් කෝටි 26 ලක්ෂ හතලිස්තුන් දහසක මුදල් සහ පවුම් 40ක ස්වර්ණාභරණ සමග සැකකරුවන් දෙදෙනෙකු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉන් එක් සැකකරුවෙකු ප්‍රමුඛ මත් ජාවාරම්කරුවෙකු වන සිද්ධික් නමැත්තාගේ ගෝලයෙකු බවට හඳුනා ගත් බවයි.

මොවුන්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය යටතේ චෝදනා ගොණු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

Your Comments