රුධිරය කැටි ගැසීම ඇස්ට්‍රාසෙනෙකා ඉතා දුර්ලභ අතුරු ආබාධයක් ලෙස ලැයිස්තුගත කරයි

5

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ අතුරු ප්‍රතිඵලයක් ලෙස රුධිරය කැටිගැසීම ඉතා දුර්ලභ අතුරු ආබාදයක් ලෙස යුරෝපා සංගමය විසින් ලැයිස්තුගත කර තිබෙනවා.

කලාපයේ සිද්ධි අසූ හයක් අධ්‍යනය කර නිගමනයට එළඹ ඇති බවයි එම සංගමය නිවේදනය කර ඇත්තේ.
කෙසේ වෙතත් යුරෝපා කළාපයේ එන්නත්කරණයට ලක් වූ මිලියන 25කගේ දත්ත සමාලෝචනය කර ඇති බව ද සඳහන්.

ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි අතුරු බලපෑම් වයස හෝ ස්ත්‍රී පුරුෂ භාවය මත නිශ්චිත අවධානම් ලෙස ලැයිස්තුගත කළ නොහැකි බව ද යුරෝපා සංගමය පවසා තිබෙනවා.

මේ අතර, වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නත වෙනුවට ආදේශක එන්නතක් ලබා දිය යුතු බවටයි බිතාන්‍ය වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

මිලියන විස්සකට අධික බි්‍රතාන්‍යයන් පිරිසකට ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දී ඇති අතර රුධිර කැටිගැසීමේ සිද්ධින් 79 ක් වාර්තා වී තිබුණා.

Your Comments