රිෂාඩ් ඉන්න තැනක් ගැන අනුරගෙන් ඉඟියක්

49

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතරම් කල් ගැනීම විමතියට කරුණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

විශේෂ පොලිස් කණ්ඩායම් 6ක් විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇති නමුත් රිෂාඩ් බදියුදීන් මහතා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව විසින් උපදෙස් ලබා දුන්නේ දින 5කට ඉහතදී.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රිෂාඩ් බදියුදීන් මහතාගේ පාර්ශවය පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර එය අනිද්දා අභියාචනාධිකරණයේ දී විමසා බැලෙනු ඇති.

රිසාඩ් බදියුදීන් මහතාට එල්ලවී ඇති චෝදනා පිළිබඳ මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙලෙස සඳහන් කළා.

රිෂාඞ් බදියුදීන් මහතාට එල්ල වී ඇති චෝදනා ඔප්පු කිරීමට ආණ්ඩුවට මේ දක්වා හැකියාවක් නොලැබුණ බවයි සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කියා සිටියේ.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගෙන් මාධ්‍යවේදීන් කොළඹ දී විමසීමක් කළා.

Your Comments