රිෂාඩ් ඉදරිපත් වන්න හකීම් කියයි

12

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව නියෝග කර අදවන විට දින 4ක කාලයක් ගතව තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවට මේ දක්වා වාර්තා වන්නේ නැහැ.

කෙසේ වෙතත් පොලිස් කණ්ඩායම් 6ක් තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

රිෂාඩ් බදියුදීන් හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර දුරකතන සංවාදයක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශ සටහන් කර ගත්තා.

තමන්ගෙන් ද නිලධාරීන් ප්‍රකාශ ලබා ගත් බවයි මුස්ලිම් කොංග්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනීම වලක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රිෂාඩ් බදියුදීන් මහතාගේ පාර්ශවය විසින් පෙත්සමක් ද ඉදිරිපත් කර තිබෙනවා.

එය ලබන 20 වනදා සලකා බැලීමටයි අභියාචනාධිකරණය දින නියම කළේ.

Your Comments