රිෂාඩ්ගේ ආදාහන පෙත්සම නිශ්ප්‍රභ කෙරේ

9

කොරෝනා මරණ ආදාහනය කිරීම අනිවාර්ය කරමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන මෙන් ඉල්ලා ගොනුකර තිබු පෙත්සම් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා ඇතුළු පාර්ශව කිහිපයක් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොණු කර තිබුණා.

වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සහ නීතිපතිවරයායි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුවෙන් පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමටයි ශේෂ්ඨාධිකරණය තීරණය කලේ.

කෝවිඩ් මළ සිරුරු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය සදහන් කරමින් අප්‍රේල් මස 11 වැනිදා ගැසට් නිවේදනය නිකුත් කර තිබුණා.

Your Comments