රාමඤ්ඤ මහ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමියන් දැයෙන් සමුගනී

12

අපවත් වී වදාල රාමඤ්ඤ මහ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමියන්ගේ දේහය පිළිබද අදාහන පුජෝත්සවය අද පස්වරුවේ පුර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වුණා
ඒ කුණ්ඩසාලේ වරාපිටිය ජාතික පාසල් ක්‍රීඩාංගණයේ දී.
මතක වස්ත‍්‍ර පුජාව අභිනව මහනායක ධුරන්ධර අති පුජ්‍ය මකුලෑවේ විමල නායක ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලැබුවා.
අනතුරුව මල්වතු පාර්ශවයේ අනු නායක අති පුජ්‍ය දිඹුල්කුඹුරේ ශ‍්‍රී සරණංකර නා හිමියන් අනුශාසනාවක් පැවැත්වුවා.
අස්ගිරි පාර්ශවයේ අනු නායක අති පුජ්‍ය වෙඩරුවේ උපාලි නායක හිමියන් ද අනුශාසනාවක් පැවැත්වුවා
ආදාහන පුජෝ්ත්සවයට මහා සංඝරත්නය ප‍්‍රමුඛව ජනාධිපතිවරයා මැති ඇමතිවරු සහ විපක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු රැසක් මෙන්ම හිටපු කතානායකවරයා ඇතුළු පිරිසක් ද සහභාගි වුවා.
ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා නායක හිමියන්ගේ වියෝව සම්බන්ධයෙන් විශේෂ සමරු සටහනක් ද තැබුවා.

Your Comments