රාජිතට ඇප ලබාදීමට එරෙහි ප්‍රතිශෝධන අයදුම්පතට නොතීසි නියෝගය 21 වන දා

10

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට ඇප ලබාදීමේ නියෝගයට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන අයදුම්පත සම්බන්ධයෙන් වගඋත්තරකාර පාර්ශවයට නොතීසි නිකුත් කිරීම පිළිබද නියෝගය ලබන 21 වන දා ලබාදෙන බව කොළඹ මහාධිකරණය අද ප්‍රකාශ කළා.

ඒ, අදාළ ප්‍රතිශෝධන අයදුම්පත අද විභාගයට ගත් අවස්ථාවේදියි.

නඩු විභාගයට පෙනී සිටීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අද පෙරවරුවේ කොළඹ මහාධිකරණයට පැමිණ සිටියා.

සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පසුගිය දෙසැම්බර් 27 වැනිදා නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේදී අත්අඩංගුවට ගත්තා.

අනතුරුව පසුගිය 30 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් ඔහුට ඇප නියම කළා.

දින ගණනාවක් රෝහලේ රැදී සිටි මන්ත්‍රීවරයා රෝහලෙන් පිටව ගියේ පසුගිය අඟහරුවාදා යි.

Your Comments