රහසිගතව කරගෙන ගිය දැව ජාවාරමක් කොටු වෙයි
ඉන්දික අරුණ කුමාර - නාඋල

9

කලක් තිස්සේ ඉතා සූක්ෂම ලෙසින් සිදුකරගෙන ගිය මහා පරිමාණ තේක්ක දැව ප්‍රවාහන ජාවාරමක් කොටු කර ගැනීමට නාඋල – රජ්ගම්මන වනජීවි කාර්යාලයේ නිලධාරීන් සමත්ව තිබෙනවා.

මෙම වන දැව ජාවාරම සම්බන්ධයෙන් වනජීවි නිළධාරින්ට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකළ බවයි රජ්ගම්මන වනජිවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ටී.එම්.බි.විජේකෝන් මහතා කියා සිටියේ.

පසුගිය 20 වනදා කපා ඉරීම සඳහා සකසන ලද තේක්ක දැව පැටවූ ලොරි රථයක් වනජිවි නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සේනාගම ප්‍රදේශයේ සිට රජ්ගම්මන ප්‍රදේශයට ධාවනය වු මෙම ලොරි රථයේ තේක්ක දැව කොටස් හැට පහක් පමණ පැවති බව රජ්ගම්මන වනජිවි නිළධාරි කාර්යාල කියා සිටියේ.

මෙම ලොරි රථය සහ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙක් මාතලේ අඩවි වන නිළධාරි කාර්යාලයට ඉදිරි කටයුතු සඳහා භාරදුන් බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු රජ්ගම්මන වනජිවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ටී.එම්.බි. විජේකෝන් මහතා කියා සිටියා.

අත්අඩංගුවට පත් සැකකරුවන් 35 – 24 පමණ වයස් වල පසුවන මාතලේ – පල්ලේපොල හා කවටයාමුණ ප්‍රදේශවල පදිංචිකරුවන් බව වනජීවි කාර්යාලය පවසනවා.

Your Comments