රසායනික ද්‍රව්‍ය යෙදූ පළතුරු මැනිං වෙළෙඳපල ප්‍රතික්‍ෂේප කරයි

47

රසායනික ද්‍රව්‍ය යොදා ඉදවීමකට ලක්කර තිබෙන පලතුරු මැනිං වෙළෙඳ පොළට භාර නොගන්නා බව මැනිං වෙළෙඳ පොළ පොදු වෙළෙඳ සමිතිය පවසනවා.
එහි සභාපති දේශබන්දු ලාල් හෙට්ටිගේ මහතා සඳහන් කරන්නේ පලතුරු රැගෙන එන ලොරියක පලතුරු කොටසකට හෝ රසායනික ද්‍රව්‍ය යොදා ඇත්නම් සමස්ත ලොරියේම පලතුරු ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර ඇති බවයි.
මේ හේතුවෙන් ගොවි ජනතාව හා මැනිං වෙළෙඳ පොළට පලතුරු රැගෙන එන වෙළෙඳුන් ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු බවයි හෙතෙම සඳහන් කරන්නේ.

Your Comments