රට පනින්න හැදූ 20 ක් ත්‍රි රෝද රථ සමග නාවුක හමුදා භාරයට

4

මන්නාරම සිලාවතුර, කොන්ඩච්චිකුඩා ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් 20 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් ත්‍රීරෝද රථ 04 කින් එම ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ වයඹ නාවික විධානය මඟින් විශේෂ මාර්ග බාධකයක් යොදා සිදු කළ සෝදිසි මෙහෙයුමකින් පසු පිරිස සිය භාරයට ගත් බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

සැකකරුවන් මුලතිව්, යාපනය, මන්නාරම, වාලච්චේන, වත්තල සහ පුත්තලම යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

නීති විරෝධී මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු හරහා මෙම පිරිස විදෙස් රටකට පලායාමට සූදානම්ව මෙලෙස පැමිණ ඇති බවයි විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ.

සැකකරුවන් සහ ත්‍රී රෝද රථ සිලාවතුර පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

Your Comments