රංජන් දින 14කින් වැලිකඩට

8

බරපතළ වැඩ සහිත වසර 4ක සිර දඬුවමක් නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා මීගමුව පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ වෙනම කාමරයක් තුල මේ වනවිට රඳවා සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ බන්ධනාගාර ගත වූවන් සම්පූර්ණ කළ යුතු අනිවාර්ය නිරෝධායන කටයුතු සඳහායි.
එහි දින 14 ක් රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට පී.සී.ආර් පරීක්ෂණයක් ද සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඉන් අනතුරුව ඔහු වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන එන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඒකමතික තීන්දුවක් ලෙස බරපතල වැඩ සහිත සිව් වසරක සිරදඩුවම් නියම කළේ සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින්.

Your Comments