යළි දන්වනතුරු නුවරඑළියේ සංචාරය කිරීමෙන් වළකින්න

22

නැවත දැනුම් දෙනතුරු නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංචාරය කිරීමෙන් වලකින්නැයි දිස්ත්‍රික් ලේකම් එම් බී ආර් පුෂ්පකුමාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අද මාධ්‍ය හමුවකට එක්වෙමින් දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ දැනුම්දීම නොතකා කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව නිරෝධායන නීතිය අනුව කටයුතු කිරීමට ආරක්ෂක අංශ දැනුවත් කර ඇති බවයි.

නුවර එළිය දිස්ත්‍රික්කයේ වික්ටෝරියා උද්‍යානය, ග්‍රෙගරි වැව, සඳතැන්න ආදි සියලු සංචාරක ස්ථාන මේ වන විට වසා දමා තිබෙනවා.

මේ අතර, කොවිඞ් 19 හදිසි තත්වය සැලකිල්ලට ගනිමින් බස්නාහිර පළාත තුල ඇති සියලූ මුස්ලිම් පල්ලි නැවත දැනුම්දෙනතුරු වසා තැබීමට තීරණය කර තිබෙනවා.

Your Comments