මෛත්‍රී බලය නොදුන් බව වසරකට පසු රුවන් කියයි

32

තමන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ද සියලු බලතල පැවතියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජෙවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඒ, පාස්කු කොමිසම හමුවේ ප්‍රකාශයක් දීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

පසුගිය යහපාලන රජයේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රුවන් විජේවර්ධන මහතා කටයුතු කරනු ලැබුවා.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන විමර්ශණ කඩිනම් කිරීමත් සමග පසුගිය ආණ්ඩුවේ ආරක්ෂක ප්‍රදානීන් මේ දිනවල ජනාධිපති කොමිසම වෙත කැඳවා තිබෙනවා.

එහිදී ඉදිරිපත් කර ඇති ශාක්ෂි රැසකින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට චෝදනා එල්ල වීම විශේෂත්වයක්.

අදාළ චෝදනාවලට හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය පසුගිය දා පිළිතුරු ලබා දීමත් සමග ඔවුන්ට පාස්කු කොමිසමෙන් දැඩි ලෙස අවවාද කරනු ලැබුවා.

Your Comments