පුද්ගලයින් තුන්ලක්ෂ 54 දහස් 352 දෙදෙනෙකුට කොරෝනා මර්දන එන්නත

7

මෙරට පුද්ගලයින් තුන්ලක්ෂ 54 දහස් 352 දෙදෙනෙකුට මේ වනවිට කොරෝනා මර්දන එන්නත ලබාදී තිබෙනවා.

ඊයේ දිනයේදී පමණක් පුද්ගලයින් 15,583 දෙනෙකුට කොරෝනා මර්දන එන්නත් ලබාදී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.

මෙරට තුළ ක්‍රියාත්මක කොරෝනා මර්ධන එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළා.

මේ අතර ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ඇනවුම් කරන ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා – සෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා ලක්ෂ 5ක් අනිද්දා රාත්‍රීයේ මෙරටට ලැබීමට නියමිතයි.

Your Comments