මේ මාසයේ ගතවූ පළමු දින 14 තුළදී කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ වර්ධනයක් -GMOA

15

නොවැම්බර් මාසයේ ගතවූ පළමු දින 14 තුළදී කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලු‍ත්ගේ කියා සිටියේ වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභා සීමාවේ විශාල අවදානමක් පවතින බවයි.

කොවිඩ් ආසාධිතයින් 704 දෙනෙකු ඊයේ හඳුනා ගත් අතර ඉන් 701 දෙනෙකුම මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතයින් අතරට අයත්.

ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ ආසාධිතයින් සංඛ්‍යාව 13 දහස් 788 දක්වා ඉහළ ගියා.

ආසාධිතයින් 541 දෙනෙකු ඊයේ දිනයේ හමුවී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 39 දෙනෙකු හදුනාගැනුණා.

කොවිඩ් මරණ 5 ක් ඊයේ දිනයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 58 දක්වා ඉහළ ගියා.

දින 10 ක් තුළ දෛනිකව කොවිඞ් මරණ 5ක් වාර්තා වූ පස්වන අවස්ථාව ද එයයි.

ඒ අනුව කොළඹ මහනගර සභා සීමාව දැඩි අවධානමක් පෙන්වන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ.

කොවිඩ් මර්ධන කටයුතු සම්බන්ධයෙන් ද කරුණු දක්වමින් හෙතෙම සඳහන් කළේ ඉදිරිපෙල සේවා සපයන්නන් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ යුතු බවයි.

 

 

Your Comments