මේක හීනයක් කලින් නොදැකපු – ආදරය වගේම ගැරහුමත් මට වටිනවා

95

ශලනි තාරකා පුංචි තිරයේ වාර්තාවක් අලුත් කරා. ඒ මෙවර රයිගම් සම්මාන උළෙලේ දී වසරේ විශිෂ්ඨතම රංගන ශිල්පිනිය ලෙසින් සහ වසරේ ජනප්‍රියම නිළිය සම්මාන දිනා ගනිමින්.

ලද සම්මාන දෝත දරා සිටින ශලනි සිය මුහුණු පොතට එක් කර තිබුණේ මෙවැනි අදහසක්.

ඔව්,
ශීත කාලය පැමිනේවි.
තද ශීත කුනාටු හමාවි.
හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි.
එහෙත් වසන්තය එනවා සත්තයි ❤️
අවුරැදු 24 ක වාර්ථාවක් අලුත් කරන්නඊයේ රාත්‍රියේ මට හැකියාව ලැබුනා.. ඒක ලේසි දෙයක් නෙමේ..
එහි බාගෙකට වඩා අයිතිය තියෙන්නේ ප්‍රේක්ෂක ඔයාලට. මේක හීනයක් කලින් නොදැකපු. හොදම වෙලාවට හරිම දේ සිද්ධ වෙයි කියන බලාපොරොත්තුවෙන් ජීවත් වුන මට හිතුවටත් වඩා ජයක් ලබාගන්න සහය දුන් හැමෝටම ස්තූතියි.
වසරේ විශිෂ්ඨතම නිලිය ලෙස අභිසෙස් ලබන්නට මට අඩෝ ටෙලිනාට්‍යයේ කමනිගේ චරිතයෙන් අවස්ථාව ලබා දුන්න සුපුන් රත්නායක සහෝදරයට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. මාව දැඩි සේ විස්වාස කලාට.
මධුර අයියා (ජනජීව) කමනිගේත් ජනේගෙත් මගේ පුංචි පැටවු 3 දෙනා , ජයසිරි අයියා. මිලින්ද අයියා අතුලු රංගන ශිල්පීන් සියලු දෙනාටත් , කැමරාවෙන් හසුකරගත් චින්තක අයියා කලා අධ්‍යයක්ෂක සම්පත් අයියා ඇතුලු කාර්‍ය්ය මණ්ඩලයේ හැමෝටමත් නිෂ්පාදකතුමා කපිල අයියටත් , ජූරි මණ්ඩලයටත් ස්තුතියි..
ඒවගේම ජනප්‍රියම නිලිය සදහා මා වෙනුවෙන් මනාපය කල සැමටත් අනේක වාරයක් ස්තූතියි..
අනේක ප්‍රසංසා අනේක ගැරහුම් බධා මැද මේ ආපු ගමනේ එකතු කරගත් ගල්මුල් වලින් තනන මාලිගාවේ පලමු අදියරේ වැඩ අවසන්…
,ඊලග මහල තනන්නට ඉදිරියටත් මට ආදරය කරන ඔබේ ඇගයීම් වගේ මට අකමැති ඔබේ ගැරහුමත් මට වටිනවා..
ආයෙත් දහස් වාරයක් ස්තූතියි..
මම ශලනි තාරකා.. ❤️

Your Comments