මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 61 දක්වා ඉහලට

23

මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 61 දක්වා ඉහළ ගියා.

ඒ ඊයේ දිනයේ මෙරටින් තවත් කොවිඩ් 19 මරණ 03ක් වාර්තා වීමත් සමඟයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක්.

මොරටුව ප්‍රදේශයේ පදිංචිව සිටි 84 හැවිරිදි කාන්තාවක් නිවසේදී මියගොස් තිබෙනවා.

දියවැඩියා රෝගය සමඟ කොවිඞ්-19 ආසාදනය මරණයට හේතුව බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.

කොවිඞ් ආසාදනය වී අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ 10 ප්‍රදේශයේ 70 හැවිරිදි පුද්ගලයෙකු ද මිය ගියා.

කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 75ක පිරිමි පුද්ගලයෙක් දියවැඩියාව සහ හෘද රෝග තත්ත්වයක් සමග කොවිඞ් ආසාදනයවීමෙන් මිය ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර, මෙරට සමස්ත කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 17 දහස් 674 ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ ඊයේ දිනයේ දී නව ආසාධිතයින් 382 දෙනෙකු හමුවීමත් සමගයි.

Your Comments