මෙරට සමස්ත කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව පනස් දහසේ සීමාව ඉක්මවයි

5

මෙරට සමස්ත කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව පනස් දහසේ සීමාව ඉක්මවා ගියා.
ඒ නව ආසාධිතයන් 692 දෙනෙකු වාර්තාවීමත් සමගයි.

ආසාදිතයින් 43 දහස් 267 ක් සුවය ලබා ඇති අතර රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයින් සංඛ්‍යාව 6,718 ක්.

මරණ 03 ක් වාර්තා වීමත් සමග මෙරට කොරේනා මරණ සංඛ්‍යාව 247 දක්වා ඉහළ ගියා.
මේ අතර නිරෝධායනයට ලක් නොවන කාර්ය මණ්ඩලය සේවයට කැඳවා ඇති බව පාර්ලිමේන්තු පාලනාධිකාරිය පවසනවා.

වේත්‍රදාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ කාර්ය මණ්ඩලයේ 25 කට ආසන්න පිරිසක් නිරෝධායනයට යොමුකර ඇති බවයි.

463 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණවලට යොමුකර ඇති අතර හෙට පෙරවරු 9 සිට පැය 3 ක කාලයක් අනෙකුත් කාර්ය මණ්ඩලය සඳහා පී..සී.ආර් පරීක්ෂණ ක්‍රියාත්මක බව ද නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

Your Comments