මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 84 දහස් 226 දක්වා ඉහළට

5

ඊයේ දිනය තුළ දී ද මෙරටින් කොරෝනා ආසාදිතයින් 356 දෙනෙකු වාර්තා වුණා.

ඔවුන් අතර විදේශියන්හි සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් 21 දෙනෙකු ද වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 84 දහස් 226 දක්වා ඉහළ ගියා.

එරාවුර් ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාවක් කොරෝනා ආසාදනය වීමෙන් මිය යාමත් සමග සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 484 දක්වා ඉහළ යන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කලේ.

Your Comments