මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 79,480 දක්වා ඉහළට

9

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 79,480 දක්වා ඉහළ ගියා.

 

ඒ ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 543 දෙනෙකු වාර්තා වීමත් සමගයි.

කුරුවිට සහ තිහාරිය ප්‍රදේශවල පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු මිය යාමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 435 දක්වා ඉහළ ගියා.

ආසාදිතයන් 73 දහස් 456 දෙනෙකු සුවය ලබා ඇති අතර සැක සහිත රෝගීන් 528 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා.

මේ අතර, කොරෝනා මර්ධන එන්නත්කරණ කටයුතු අද දිනයේත් සිදුකෙරනවා.

බන්ධනාගාර නිලධාරීන් සඳහා එන්නත් ලබාදීම අද සිට යළි ආරම්භ කරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව අගුණකොලපැලැස්ස, වීරවිල සහ මාතර බන්ධනාගාරවල නිලධාරීන් දහසකට පමණ අද සහ හෙට යන දෙදින කොරෝනා එන්නත් ලබාදීමට නියමිතයි.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත පුද්ගලයින් තුන් ලක්ෂ දෙදහස් අටසිය පනස් හත් දෙනෙකුට ලබා දී ඇති බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

ඒ ඊයේ දිනයේ ලබා දුන් එන්නත් 39 දහස් 78 ත් සමගයි.

Your Comments