මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 48 දහස් 949 දෙනෙකු දක්වා ඉහළට

5

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 48 දහස් 949 දෙනෙකු දක්වා ඉහළ ගියා.
ඒ ඊයේ කොරෝනා වෛරස් ආසාදිතයින් 569 දෙනෙකු හමුවීමත් සමඟ යි.

පසුගිය 6 වනදා සිට දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව පන්සියයේ සීමාව ඉක්මවා තිබෙනවා.
මේ අතර, තවත් කොරෝනා මරණ 08ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 240 දක්වා ඉහළ ගියා.
සුවය ලැබූ සංඛ්‍යාව 42 දහස් 91 ක් වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

තවත් ආසාදිතයන් 6 දහස් 618 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

Your Comments