මෙරට තේ සඳහා ඉහළ මිලක්

13

මෙරට තේ නිෂ්පාදනය සඳහා ඉහළ මිලක් හිමිවී තිබෙනවා.
ඒ, කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් ඉන්දියාවේ නිෂ්පාදනය අඩාලවීම හේතුවෙන්.
විශේෂයෙන් චීන සහ රුසියානු තැරැව්කරුවන් ශ්‍රී ලංකා තේ වැඩි වශයෙන් මිලදී ගැනීමට පෙළඹී ඇති බවයි වාර්තාවන්නේ.
රුසියාව මේ වනවිට තේ තොග රැස් කරන්නේ එළඹෙන ශීත ඍතුව ඉලක්ක කරගනිමින්.
කෙසේ වෙතත් ගෝලීය වසංගතය හේතුවෙන් මෙවර ශීත ඍතුව සඳහා බොහෝ රටවලින් ලැබෙන ඇනවුම් අඩු වී ඇති බව සඳහන්.
පසුගිය තේ වෙන්දේසියේදී තේ කිලෝග්‍රෑම් මිලියන 5.3 ක් අලෙවි වී තිබෙනවා.

Your Comments