මෙරට කොවිඩ් මරණ ගණන 58 දක්වා ඉහළට

17

අද දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණ 5 ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 58 ක්.

කොළඹ 13 ජින්තු පිටිය ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා.

ඔහු දීර්ඝ කාලයක සිට පිලිකා රෝගයෙක් පෙළුණු පුද්ගලයෙකු බවයි රජයේ ප්‍රෘවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ.

කොළඹ 15 ප්‍රදේශයේ 39 හැවිරිදි පුද්ගලයෙක් මිය ගොස් ඇත්තේ හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි.

ඔහු ද පිලිකා රෝගයෙකින් පෙළුණ බවයි අනාවරණ වී ඇත්තේ.

කොලඹ 12 ප්‍රදේශයේ පදිංචිව සිටි 88 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මිය ගොස් ඇත්තේ හෘදයාබාධයකින්.

පසුව සිදුකළ පරීක්ෂණයක දී ඔහුට කොවිඞ් 19 වෛසරය ආසාදනය වී ඇති බව අනාවරණ වී තිබෙනවා.

නිවසේ මිය ගොස් සිටියදී 79 හැවිරිදි පුද්ගලයෙකුට ද කොවිඞ් 19 ආසාධනය වී ඇති බව අනාවරණ වූ බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 88 හැවිරිදි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් තිබෙනවා.

ඔහුගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඞ් 19 ආසාධනය සහ හෘදයාබාධ තත්ත්වයක්.

මේ අතර අද දිනයේ නව ආසාධිතයින් 544 දනෙකු වාර්තා වී තිබෙනවා.

ඔවුන් සියලු දෙනා පෑලියගොඩ ආසාධිතයින්ගේ ආශ්‍රිතයින්.

ඒ අනුව දිවුලපිටිය පෑලියගොඩ කොවිඞ් ආසාධිතයින්ගේ සංඛ්‍යාව 13, 628 දක්වා ඉහළ ගියා.

මෙරට සමස්ත ආසාධිතයින්ගේ ගණන දැක්වෙන්නේ 17, 127 ලෙසයි.

ඉන් 11, 495 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5, 579 ක්.

Your Comments