මෙරට කොරෝනා මරණ 129 ක් දක්වා ඉහළ යයි

11

මෙරට කොරෝනා මරණ 129 ක් දක්වා ඉහළ ගියා.

ඒ තවත් කොරෝනා මරණ 5ක් ගත වු පැය 24 තුළ වාර්තා වීමත් සමඟයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ පිරිමි පුද්ගලයන් සිව් දෙනෙකු සහ කාන්තාවක් ඒ අතර වන බවයි.

මිය ගිය කාන්තාව කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වු අතර සෙසු පුද්ගලයන් සිව්දෙනා කොළඹ නගර සීමාව තුළ පදිංචිකරුවන්.

ඉන් දෙදෙනෙක් රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇති අතර එක් අයෙක් නිවසේදී මිය ගොස් ඇති බව සඳහන්.

මේ අතර ගත වු පැය 24 තුළ තවත් කෙරෝනා ආසාදිතයින් 277 දෙනෙකු වාර්තා වුණා.

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්.

 

Your Comments