මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අසූ නව දහසේ සීමාව ඉක්මවයි

10

නව ආසාධිතයින් 302 දෙනෙකු හදුනාගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 89 දහස් 175 ක් දක්වා ඉහළ ගියා.

සුවය ලැබූ ප්‍රමාණය සියයට 96 ඉක්මවා ඇත්තේ එම ගණන 85 දහස් 944 ක් ලෙස සටහන් වෙමින්.
රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 2 දහස් 693 ක්.

ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයෙකුගේ මරණයත් සමග මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 538 දක්වා ඉහළ ගියා.

පුද්ගලයන් 9 දහස් 136 දෙනෙකුට ඊයේ දිනයේදී කොරෝනා මර්දන එන්නත ලබා දී ඇති බවයි වසංගත රෝග ව්ද්‍යා ඒකකය සඳහන් කලේ.

ඒ අනුව එන්නත්කරණයට ලක්වූ සමස්ත පිරිස අට ලක්ෂ පහලොස් දහස් 585 ක්.

Your Comments