මුලතිව් ඉඩමක අධිබලැති පීඩන බෝම්බ

18

මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් බටහිර ප්‍රදේශයේදී ඉඩමකින් අධිබලැති පීඩන බෝම්බ 3ක් සමග තවත් බෝම්බ හා පුපුරණද්‍රව්‍ය තොගයක් හමුව තිබෙනවා.

ඒවා කොටි සංවිධානය විසින් වලදමා තබන්නට ඇති ඒවා බවයි මුලතිව් පොලීසිය පැවසුවේ.

වෙල්ලමුල්ලි වයික්කාල් බටහිර ප්‍රදේශයේ පුද්ගකයෙකුගේ ඉඩමක් එලිපෙහෙලි කිරීමේදී ආයුධ තොගය මතුව ඇති අතර ඒ පිළිබඳ පොලීසිය දැනුම්වත් කර තිබෙනවා.

පොලීසිය විසින් මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ගෙන ආයුධ අද (16) ගොඩ ගනු ලැබුවා.

කිලෝ 15 ක බරින් යුත් අධිබලැති පීඩන බෝම්බ 3ක්, සී.ෆෝ. කිලෝ 5ක්, ක්ලේමෝ බෝම්බයක්, මිලිමීටර් 80 වර්ගයේ මෝටාර් උණ්ඩ 7ක්, ඩෙටනේටර් 115 ක්, බෝම්බ පිපිරවීමට යොදාගන්නා ෆියුස් තොගයක්ද ආයුද තොගයට අයත්.

යුද උපකරණ තොගය අධිකරණනියෝගයකට අනුව නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇති බවයි මුලතිව් පොලීසිය සඳහන් කළේ.

(වන්නි – රොමේෂ් මධුෂංඛ)

Your Comments