මුතුරාජවෙල රක්ෂිතයේ හටගත් ගින්න මැඩපැවැත්විමට ගුවන් හමුදාවේ සහාය

25

මුතුරාජවෙල රක්ෂිතයේ බෝපිටිය ප්‍රදේශයේ හට ගත් ගින්න නිවා දැමීම සඳහා එම්.අයි – 17 වර්ගයේ හෙලිකොප්ටරයක් යොදවා තිබෙනවා.
ගුවන් හමුදාව සඳහන් කළේ මේ වනවිටත් එම ගුවන් යානය කටුනායක ගුවන්තොටුපලෙන් පිටත්ව ගොස් ඇති බවයි.
ඊයේ පස්වරුවේ හට ගත් ගින්න මේ වන විටත් පැතිර යමින් පවතින බව සඳහන්.
ගින්න නිවා දැමීම සඳහා වත්තල, පමුණුගම යන පොලිස් ස්ථාන මෙන්ම ප්‍රදේශවාසීන් ද එක්ව සිටිනවා.

Your Comments