මීළඟ කොරෝනා පොකුර තැබෑරුමක් ද? GMOA අනාවරණයක්

18

මීළඟ කොරෝනා නියැදිය වාර්තා විය හැකි ස්ථානයක් පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවනවා.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ අනවශ්‍ය ලෙස සිදුවන ජනරාශිය තුළ එවැනි අනතුරක් පවතින බවයි.

තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ කොරොනා වසංගතයෙන් මිදීම සඳහා වන මාර්ගෝපදේශ ඉදිරියේදී ජනගත කිරීමට කටයුතු කරන බවයි.

මේ අතර, පසුගිය කාලයේ දී ඇතිවූ කොරෝනා නියැදියන් සම්බන්ධයෙන් මේ වන විට විධිමත් පරීක්ෂණයක් සිදුවන බව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කලා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් අදාළ පරීක්ෂණය සිදුකරන බවයි යුධ හමුදාපතිවරයා පැවසුවේ.

මේ අතර, හැකිතාක් අනවශ්‍ය සංචාර අත්හිටුවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

මේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා.

Your Comments