මීගමුව බන්ධනාගාර නියාමකවරයෙකුගේ වැඩ තහනම්.

9

මීගමුව බන්ධනාගාරයේ නියාමකවරයෙකුගේ වැඩ තහනම් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

 

ඒ, බන්ධනාගාරයේ ඔහුට අයත් ලාච්චුවක් තුළ තිබී ජංගම දුරකථන පහක් සොයාගැනීම හේතුවෙන්.

මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම ජංගම දුරකථන තොගය සොයාගැනුනා.

32 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන නියාමකවරයාට අදාළ ජංගම දුරකථන ලැබුණු ආකාරය තහවුරු කරගැනීමට නොහැකිවූ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා කියා සිටියේ.

Your Comments