මිනුවන්ගොඩ තවත් ගම් තුනක් හුදකලා කෙරේ

11

මිනුවන්ගොඩ පොලිස් බලප්‍රදේශයට අයත් ගැනිහිමුල්ල, පේරලන්දවත්ත සහ හැලකන්දන යන ගම්මාන තුන හුදාකලා කර තිබෙනවා.

ඒ කොවිඩ් 19 ආසාදිතයින් එම ප්‍රදේශයන්ගෙන් හමුවීමෙන් පසුව අද උදෑසන සිට එම ගම්මාන හුදකලා ඇති බවටයි වාර්තා වන්නේ.

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු කර ගැනීමත් සමගින් එම ගම්මානවලින් ආශ්‍රිතයන් බහුල ලෙසින් වාර්තා වූ බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.

ඒ අනුව මෙම තීරණය ගෙන ඇති බවත් දෙවොලපොල සතිපොලේදී පුද්ගලයන් 500කගේ පමණ පී.සී.ආර්. පරීක්ෂණ සිදු කළ බවත් වාර්තා වනවා.

 

Your Comments