මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයන් 49ක්

8

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයින් 49 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉන් ආසාදිතයින් 13 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානයන්හි සිටින ආශ්‍රිතයන් හෝ කාර්ය මණ්ඩල සාමාජිකයන් බවයි.

සෙසු 36 දෙනා ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ආශ්‍රීතයන් බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ඒ අනුව මේ වන විට මිනුවන්ගොඩ කොවිඩ් පොකුරු 1770ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Your Comments