මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 2817 දක්වා ඉහළට

14

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2817ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ ඊයේ දිනයේ සොයා ගත් නව ආසාදිතයන් 309 දෙනාද සමගින්.

අවසන් වශයෙන් ඊයේ රාත්‍රී 10.20 පමණ වන විට නව අසාදිතයන් 259 දෙනෙක් තහවුරු කර ගැනුණු අතර ඉන් ආසාදිතයන් 182ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සැලෙන්ද දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානයන්හි සිටින ආශ්‍රිතයන් හෝ කාර්ය මණ්ඩල සාමාජිකයන් බවත් සෙසු 75 දෙනා ආශ්‍රිතයන් බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රී නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Your Comments