මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 2342ක් දක්වා ඉහළට

11

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2342ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ තවත් නව ආසාදිතයන් 120 දෙනෙක් ඊයේ රාත්‍රීයේ හඳුනා ගැනීමත් සමගින්.

එලෙස හඳුනා ගැනුණු ආසාදිතයන් අතරින් 83 දෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයන්ගේ ආශ්‍රිතයන් බවත් සෙසු 37 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ආශ්‍රිතයන් හෝ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ අනුව ඊයේ දිනයේදී මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් ආසාදිතයන් 180 දෙනෙකු තහවුරු කර ගැනුණු බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්.

 

Your Comments