මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1,732 දක්වා ඉහලට – මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,170ක් වෙයි

14

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් හඳුනා ගැනුණු කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද(15) උදෑසන 6 පමණ වන විට 1,732ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩි-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒ ඊයේ උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා කාලය තුළ නව ආසාදිතයින් 132 දෙදෙනෙකු තහවුරු කර ගැනිමත් සමගින්.

එම පුද්ගලයින් 132 දෙදෙනා අතරින් පුද්ගලයින් පස් දෙනෙකු මිනුවන්ගෙඩ ඇඟලුම් කම්හලේ සේවය කරන පුද්ගලයන් වනඅ තර ඉතිරි පුද්ගලයන් 127 දෙනා එම කම්හලේ සේවය කරන පුද්ගලයන් ළඟින් ඇසුරු කළ පුද්ගලයින් බවයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් කියා සිටියේ.

ඒ අනුව මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොවිඩ් පොකුරේ සම්පූර්ණ ආසාදිතයන් සංඛ්‍යාව අද(15) උදෑසන වන විට 1723 දෙනෙකු බවත් ඉන් පුද්ගලයන් 1041 දෙනෙකු එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයන් වන බවත් සෙසු පුද්ගලයින් 682 දෙනා එම කර්මාන්ත ශාලාවේ සේවකයන් ළඟින් ඇසුරු කළ පුද්ගලයන් බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම් ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ඔක්තෝබර් 5 වනදා සිට 11 වනදා දක්වා පළමු සතිය තුළදී එම කොවිඩ් පොකුරෙන් ආසාදිතයන් 1186 දෙනෙක් හඳුනා ගැනුණු අතර ඔක්තෝබර් 12 වන දින ආසාදිතයින් 121 දෙනෙක් හඳුනා ගැනුණා.

ඔක්තෝබර් 12 වන දින ආසාදිතයන් 90 දෙනෙක්ද ඔක්තෝබර් 14 වන දින 194 දෙනෙක්ද ඔක්තෝබර් මස (15) දින උදෑසන 6 පමණ වන විට ආසාදිතයන් 132 දෙනෙක්ද තහවුරු කර ගැනුණා.

මේ අතර ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා වෛරස ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 5,170ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් ආසාදිතයින් 3,357 දෙනෙක් සුවය ලබා ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.

කෙසේ වෙතත් ආසාදිතයන් 1,800 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

එසේම තවත් පුද්ගලයන් 293 දෙනෙකු කොරෝනා වෛරස රෝග ලක්ෂ සහිත බවට සැකය මත රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණයේ පසුවන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

Your Comments