මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේ නිවසක් තුළ තිබී පුද්ගල මළ සිරුරු 02 ක්

18

මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේ නිවසක් තුළ තිබී පුද්ගල මළ සිරුරු 02 ක් හමුවී තිබෙනවා.
පොලිසිය පැවසුවේ අඹු සැමි යුවළක් මෙලෙස මියගොස් ඇති බවයි.

ස්වාමි පුරුෂයා විසින් බිරිඳ ඝාතනය කිරීමෙන් පසු ඔහුද සිය දිවි හානිකරගෙන ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.

ඔවුන් දෙදෙනා අතර ඇතිවූ ආරාවුලක් මීට හේතු වන්නට ඇති බවට සැක පල කෙරෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරිමට නියමිතයි.

Your Comments