මාළු අල්ලන්න ගිය තඹලගමුවේ පුද්ගලයෙකු කිඹුලාට බිලි

16

ඇලක මාළු අල්ලමින් සිටි තඹලගමුව පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පුද්ගලයෙකු කිඹුලෙකුගේ ගොදුරක් බවට පත්ව තිබෙනවා.

එම පුද්ගලයාව ගොදුරු බවට පත් කරගෙන ඔහුගේ සිරුර කෑලි වලට කඩා දමා තිබියදී ඊයේ හමු වූ බවයි තඹලගමුව පොලිසිය පැවසුවේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ තඹලගමුව පුදුකුඩුඉරිප්පුව පදිංචි කේගයෝගේස්වරම් නැමැති 56 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහුගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ත්‍රිකුණාමලය ශික්ෂණ රෝහලට ගෙන ගොස් තිබෙනවා.

Your Comments